ඔබත් අනිවාර්යෙන්ම කියවිය යුතුම පොතකි
🥰“ළඟ ළඟම ශීත කාලය එන බැවින් නුඹලාගේ අතුවල කොළ හැලී යන නිසාද, ජනතාවගේ දුක්ගැහැට විඳ දරා ගැනීමට බැරි නිසාද,’
“ඔව් ශීත කාලය පැමිණේවී.
තද ශීත කුණාටු හමාවි,
හිම කැට සහිත,
මහ නපුරු සුළි සුළං හමාවී.
එහෙත් ……
වසන්තය එනවා
සත්තයි.”
“අප්රකාශිත ප්‍රේමය තුළ ඇති “ප්‍රේමනීය හිස් බව” ගැන දුයිශෙන් තරම් දන්න වෙන කෙනෙක් නැතුව ඇති…
ප්‍රේමය තිබුනෙම සෙනෙහසින් දරාගත් වගකීම් කන්දක බව පොප්ලර් ගස් තරම් දන්න වෙන කෙනෙක් නැතුව ඇති
එහෙව් ප්‍රේමයක් ලබන්නට
නුඹ හරි වාසනාවන්තයි..
නමුත් අල්තීනායි..
“හමුවීම් සියල්ලම එක්විම් නොවන වග”
නුඹත් දැන ගත යුතුමයි.”
මේ නවකතාවේ කතුවරයා සුප්‍රසිද්ධ සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය හා රාජ්‍ය දිනාගත් චිංගීස් අයිත්මාතව්ය.මේ පොතෙහි විස්තර කෙරෙන සිද්ධීන් කිර්ගීසියාවේ සෝවියට් බලය ස්ථාපනය වීමේ කාලය වු විසි ගණන්වලට අයත් වේ. තරුණ අල්තිනායිට සහ ඈත කඳුකරයේ විසු කිර්ගිස් ජාතිකයින්ට සෝවියට් දේශයේ නීති ගෙනා තරුණ ගුරුවරයකු වු දුයිෂේන් හමුවුයේ මෙම කාලයේදීමය.
👉ගුරුවරයන්ගෙන් සැලකිය යුතු පිරිසක් ගුරු ගීතයේ දුයිෂෙන් මෙන් වුවහොත් ඒ රටේ අනාගත ඉරණම කෙසේ වනු ඇත්දැයි සිතා ගැනීමට පවා අපහසුය.
දුයිෂෙන් දෙස බලන ඕනෑම කෙනෙකු නගන ප්රශ්නය වනු ඇත්තේ ප්‍රේමය පූජනීය නොවිය හැක්කේ කවර නම් තතු යටතේද යන්නය. ලොව ගුරුවරුනට ලබාගත හැකි පරමාදර්ශය ගුරු ගීතයය. ප්‍රේමය යනු කුමක්දැයි වටහා ගැනීමට වුවමනා නම් ඒ සඳහා ඇති හොඳම පරමාදර්ශයක් වන්නේද ගුරු ගීතයමය.
👉මේ නවකතාවේ කතුවරයා සුප්‍රසිද්ධ සෝවියට් ලේඛක ලෙනින් ත්‍යාගය හා රාජ්‍ය දිනාගත් චිංගීස් අයිත්මාතව්ය.
👉මේ පොතෙහි විස්තර කෙරෙන සිද්ධීන් කිර්ගීසියාවේ සෝවියට් බලය ස්ථාපනය වීමේ කාලය වු විසි ගණන්වලට අයත් වේ.අයිලය නම් ගමක වෙසෙන අල්තිනායි නම් වූ දැරිය හා එම ගමට පැමිණ පාසලක් පටන් ගෙන ගම්වල ළමුන්ට ඉගැන්වීම් කටයුතු කරන දුයිශෙන් නම් වූ ගුරුවරයෙකු වටා ගෙතී ඇති කතාවකි. ගුරු ගීතය පාසල පවත්වාගෙන යාමෙදී හා ඉගැනුම් කාර්යේදි ඔවුන් මුහුණ දෙන අසීරුතා මෙම කෘතියෙන් මනාව පිළිඹිබු වේ.
Age Group: 13 – 99 Years
No. of Pages: 112
ISBN : 978-955-0065-67-7
Language : Sinhala
Reviews
There are no reviews yet.