ඒ ඒ චරිතවලට ආවේණික හැසිරීම් රටාවන්,මනෝ භාවයන් කියවීමේදී අපට අපූරු ම ලෝකයක් හමුවේ. ජීවිතවල විවිධ පැතිකඩ හඳුනා ගැනීමට ඉඩ ලැබේ.මනසින් ස්පර්ශ කළ හැකි අත්දැකීම් රාශියක් ලබා ගැනීමට මෙම කෘතියෙන් මනාව පිටුවහලක් සපයයි.
හිස් වූ ජීවිතය පුරවා ගන්නට ඈ වටා ඕනෑ තරම් අපේක්ෂාවන් දැල්වී තිබිණි. දවසේ විවේකී මොහොතක ඈ තමාගේ ලැප්ටොප් පරිගණකය විවර කළා ය. එහි අලුත් පණිවිඩයක් සටහන් වී තිබිණි.
“ඇනා…
සමුදුරින් එහා හිඳ…
ඔයාට ලියන්න බැරි උනාට සමාවෙන්න… මං හිතනවා ඔයාගෙ සිහින එක්ක ඔයා ගොඩක් සතුටින් කියලා… ඇත්ත කතාව මේකයි. මං කොච්චර උත්සාහ කළත්… මට ඔයාව අමතක කරන්න බෑ…මං දන්නවා… ඔයාට දැනගන්න ඕන කමක් නෑ කියලා මං ඔයා ගැන හිතන්නෙ කොහොමද කියලා… මොකද… ඔයා කෙනෙක් එක්ක බැඳිලනේ හිටියේ…හැබැයි… දැන් ඔයාට මාව නවත්තන්න බෑ…(හ හා) ගෙදරට ආවා ම… පහන් දල්වන්න… එතකොට ආලෝකවත් වේවි… මට මගේ ජීවිතේ ඇතුළෙ දකින්න ඕන එකයි… ඔයා… මගේ ජීවිතේට එනවා දකින්නයි මට ඕන…”“මං දන්නවා… ඔයා ගොඩක් හොඳ කෙනෙක් මේටියෝ… මට මේ වෙලාවෙ ඔයාට මොනව කියන්න ද කියලා හිතාගන්න බෑ… ඔයා සතුටින් නේද…? අනාගතේ දවස් ගැන… මේ මොහොතේ අපි පොඩ්ඩකට කතා නොකර ඉමු… එහෙනම්…
Age Group: 18 -99 Years
No. of Pages: 312
ISBN : 978-624-6451-29-5
Language: Sinhala
Reviews
There are no reviews yet.