පොඩිත්තන් ආස කරන රුසියානු ළමා කතා පෙළක්
රුසියානු සුරංගනා කතා
‘මං තනිවෙලා. මට තනියි. මේ විලත් පාළුයි. තනියට ඉන්නේ මාළු විතරයි. උන් කවදාවත් මා එක්ක යාළු වෙන්නෙ නෑ’ කොකා දුකෙන්, බිම බලාගෙන කල්පනා කළා. ‘හැමදාම මං මේ විල ළඟටම වෙලා හිටියා ඇති. එහා ඉවුරේ ගමක් පේනවා. ගිහිං බලනවා’ මෙහෙම හිතපු කොක්හාමි ඔලුවත් උස්සගෙන බොහොම උජාරුවට ගමනට පිටත් වුණා.
කවදාවත් ම විලෙන් එහා ගිය නැති නිසා මේ ගමන කොකා ගියේ ටිකක් චකිතයෙන්. ඒත් ඒක කාටවත් ම පේන්න සැලැස්සුවේ නෑ. මොකද? එයා මාන්නක්කාරයා බව දැනටමත් ඔයාලා දන්නවනේ. ඔන්න කොහොම හරි හිමීට හිමීට මෙයා ගමට ඇතුළු වුණා. ඒ ගමේ මුලින් ම එයාට හමුවුණේ හරි ම ලස්සන ගෙදරක්. ටිකක් ඒ ගේ දිහා බලාගෙන හිටියාම කොකා දැක්කේ කාව ද?
Age Group: 13 – 99 Years
No. of Pages: 48
ISBN : 978-624-6451-14-1
Language: Sinhala
Reviews
There are no reviews yet.