🔰 පෙර භවයේ හෙළි කිරීම් තුළින් අපරාධයක් හෝ මිනීමැරුමක් ඔප්පු කිරීම නීතියට පටහැනි වුවත් , ඔහුගේ හෝ ඇයගේ එම හෙළිකිරීම් තුළින් පරීක්ෂණ පවත්වා එයින් නිරීක්ෂණයකට එළඹීම තුළින් අපරාධකරුවෙකු හෝ මිනීමරුවෙකු හඳුනා ගැනීමට පුළුවන. උඩුගම කන්ද මෙම කතාවේ අන්තර්ගතයද රහස් පරීක්ෂක කුතුහලය දනවන එවැනි එකකි. 🔰
“ඇයි නිම්මි ඉස්කෝලේ දෙකේ පන්තියේ ළමයෙක් මේ මැරුණ කෙනෙක්ගේ නම කියන එකයි, එයා මැරුණ විදිහ කියන එකයි හරි නම් මේ කතාව විශ්වාස නොකර ඉන්න පුළුවන්ද?”
“ඔව් ඒ කතාව නම් ඇත්ත තමයි.”
නිම්මි එසේ කියමින් කල්පනා කළාය. ඒ සමඟම වසන්ත නැවතත් කතා කළේය.
“පුතාගේ ගිය ආත්මේ කතාවෙන් අපිට එක දෙයක් තේරුම් ගන්න පුළුවන්.”
“මො…. මොකක්ද වසන්ත?”
“ධම්මික මළේ ළිඳට වැටිලා නෙමේ.”
“එහෙනම් කොහොමද?”
“ධම්මිකව කවුරු හරි ළිඳට තල්ලු කළා. ඒ කියන්නේ නිම්මි මේ සිද්ධිය මිනීමැරුමක්.”
“මො… මො නව්වා මි…මිනී මැරුමක්….. එහෙම වෙන්නේ කොහොමද?”
Age Group: 13 -99 Years
No. of Pages: 256
ISBN : 978-955-33-0438-4
Author : D.M.ANURA DESANAYAKE
Language: Sinhala
Reviews
There are no reviews yet.