“රොමේෂ් කොහොමද හරියටම ඔහොම හිතන්නේ? අනිත් එක මේ සිදුවීම එහෙමනම් මිනීමැරුමක් වුණේ කොහොමද?”
“නදිනි එදා බොරුවට ලිව්ව ලියුම සර් කොහොමහරි මේ මිනීමරුවන්ට අහු වුණා. මේ මිනීමරුවා බොහෝවිට නදිනිගේ යාළුවෙක් කියලා තමයි මට හිතෙන්නේ. කොහොමහරි මේ අපරාධකාරයා නදිනිගේ ලියුම තියාගෙන ලහිරුගේ අත්සනත් ගහලා නදිනිගේ අයියා කසුන්ට තැපැල් කළා.”
“එහෙමනම් කොහොමද රොමේෂ් මේ දෙන්නාව මැරුවේ ? එහෙමත් නැත්නම් මේ පාතාලෙ ළඟට නදිනිවයි ලහිරුවයි එක්කගෙන ගියේ කොහොමද?”
“ඒක තමයි සර් මටත් තියෙන එකම ප්රශ්නය. මේ අපරාධකාරයා බොහොම හොඳට ප්ලෑන් කරලා තමයි මේ දේ කළේ. ඒකනේ මම සර්ට කිව්වේ ඊයේ ලැබුණු නිහඬ සාක්ෂිය තුළින් ඒ දේ හිතන්න පුළුවන් කියලා.”
“ඇත්තටම මොකක්ද රොමේෂ් ඒ නිහඬ සාක්ෂිය ?”
Age Group: 13 -99 Years
No. of Pages: 160
ISBN : 978-955-330-123-9
Author : D.M.ANURA DESANAYAKE
Language: Sinhala
Reviews
There are no reviews yet.