“ඔෆිස් එකේ මගේ යාළුවා නදීරා අක්කා… නදීරා අක්කා කියනවා අක්කෙ… අම්මයි තාත්තයි ළඟට මං එන්න ඇත්තෙ එයාලා කොහොමටවත් බලාපොරොත්තු නැති වෙලාවක වෙන්න ඇතිලු… ඒක අම්මටයි, තාත්තටයි වගේම අක්කටයි අයියටයි දෙන්නටත් ලොකු ලැජ්ජාවක් වෙන්න ඇතිලු… ඒගොල්ලො මට වෛර කරන්නෙ… මාව ගණන් ගන්නෙ නැත්තෙ ඒ හින්දා වෙන්න ඇතිලු…”
“යාළුවා කිව්ව දේවල් ඇත්ත වෙන්න ඇති කියලා මටත් හිතෙනවා නංගි… කොහොම උනත්… ඒ මොන ප්රශ්න මැදින් උනත් නංගි ජීවිතේට මේ වෙනකල් හොඳින් මූණ දීලා තියෙනවනේ… ඒගොල්ලො නංගිට මොන විදිහට සැලකුවත් නංගි අදටත් හැමෝටම හොඳින්, ආදරෙන් සලකනවනේ… නංගිට වරදින්නෙ නෑ නංගි…”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 192
ISBN No: 978-955-33-0922-8
Author : Dilhani Vickramarathne
Language : Sinhala
Reviews
There are no reviews yet.