“ලොකු මාමත් පුළුවන් තරම් සමාජ සේවයටම කැපවෙලා ඉන්නෙ… ඉස්සරහට ඡන්දෙවත් ඉල්ලන්න හිතාගෙනද දන්නෑ නේද ලොකු නැන්දෙ…? පිරිමි දරුවො තුන්දෙනයි… ගෑනු දරුවො දෙන්නයි… දරුවො පස්දෙනෙක් හදලත් සීයා තාත්තට එයාගෙ දේශපාලන ගමන් මග ඉදිරියට ගෙනියන්න අනුප්‍රාප්තිකයෙක් හදාගන්න බැරි උනානෙ… ලොකු මාමාවත් ඒ පාරෙ යයිද මන්දා…”
ටි්රලීෂියා, දුරකථන සංවාදය අතරතුර පළමු වතාවට මඳක් හඬින්, සැහැල්ලු ලෙස හිනැහුණාය.
“ඒක නම් කීයටවත් වෙන එකක් නෑ පුතේ… පුතා දන්නවනෙ ඉතින් ලොකු මාමාගෙ දර්ශනේ… සමාජයට සේවය කරන්න දේශපාලන බලය අවශ්‍ය නෑ, සිවිල් පුරවැසියකුට තියෙන්න ඕන මානුෂීය
ගුණාංගයි, නොසැලෙන පෞරුෂයයි තිබුණම හොඳටම ඇති කියලයි මාමා කියන්නෙ…”
“ඒවා ඇත්ත උනත්… මේ කාලෙ නම් සමාජය ඉදිරියේ හොඳ දේවල් කරන්න නම්… ගඟ ඉහළට පීනන ආත්ම ධෛර්යය අනිත් හැමදේටම වැඩිය තියෙන්න ඕන ලොකු නැන්දෙ… නැත්නම් අනිත් දේශපාලඥයො ඇවිත් එක්කො අපේ බෙල්ල කපයි… නැත්නම් මුල් උදුරයි…”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 152
ISBN No: 978-955-33-0926-6
Author : Dilhani Vickramarathne
Language : Sinhala
Reviews
There are no reviews yet.