2010 වර්ෂයේ විශිෂ්ටතම නවකතාව සඳහා වු ජාතික යෞවන සම්මානය හිමි කරගත් කෘතිය
“යෙහෙළියන් සමඟ වසර තුනක් කෙළිදෙළෙන් ගත කළ කාමරය මගේ හිත ඇවිළී ගියේය. පාරෙහි කිසිවකු පෙනෙනන්ට නැත. වැහැරී ගිය බැල්ලියක සූර්ය රශ්මිය ඉවසමින් තෙල් බැම්ම අසල වැතිර නිදා සිටී. එදා මෙදා තුර නොවෙනස් අඩවන් නෙතින් පිළිමවහන්සේ නිහඬව බලා සිටී. වේවැල්දූවට යන පාර හැඩි වී ඇත. හැඩි වී ගිය පාර දිගේ මම ඔහේ ඇවිද ගියෙමි.”
“රාත්රියේ වට වරුසාවෙන් සරසවි බිම මඩ වී ඇත. පාරෙහි තිබූ ඇතැම් මඩවළක් මඩ වතුරෙන් පිරී ගොසිනි. වාහනයක් යන විට ඒවායෙන් විසි වන මඩවලින් වැළකීමට පාරෙහි යන එන්නන් පරෙස්සම් විය යුතුය. අලුත පිපුණු මල් බිම වැටී ඇති අතර ඒවා මඩවලින් වැසී ගොසිනි .ගස් තවමත් වැහිබිදු බේරමින් නිසොල්මනේ බලා සිටිති. කුරුල්ලන්ගේ හඬද වෙනදා තරම් සන්සුන් නැත. එයින් නික්මෙන්නේ අදෝනාවක් යැයි මට සිතේ. අහසද කළු වලාකුළින් බරව ඇත. එක්වරම වැසි කඩා හැලේ දැයි යනු සැක සහිතය. කුඩයක්වත් අතට නොගත් මෝඩකම යැයි දැන් සිතේ.”
Age Group: 13 -99 Years
No. of Pages: 144
ISBN : 978-624-6586-08-9
Language: Sinhala
Reviews
There are no reviews yet.