“දෙවියනේ.” මම විමසුවෙමි. “ඒ විලාපය මොකද්ද..?” හෝම්ස් වහා නැගී සිටියේය. එම විලාපය ඕවිටේ ඈත යම් තැනකින් නැගෙන බව පැහැදිලි විය. ක්රමයෙන් එය අපට පෙරට වඩා ළංව පෙරට වඩා පැහැදිලිව ඇසෙන්නට විය. “කොයි පැත්තෙන්ද?” හෝම්ස් විමසීය. “මං හිතන්නේ අර පැත්තෙන්” අඳුරට අත දිගු කරමින් මම පැවසුවෙමි. ” නැහැ. අර පැත්තෙන්” නැවතත් ඒ වේදනාත්මක විලාපය රාත්රියේ නිහැඬියාව බිඳ දැමුවේ පෙරට වඩා මහ හඬක් හා පෙරට වඩා ළංවය. ඒ සමගම තවත් අලුත් ශබ්දයක් ඊට එක්විය. එය ගැඹුරින් පටන්ගෙන යළි පහළ ස්වරයකට පැමිණ යළි උස් හඬක් බවට පත්වූයේ මුහුදු රළක ස්වභාවය සිහිපත් කරවමිනි. “දඩයම් බල්ලා” හෝම්ස් කෑගැසුවේය. “යමු වොට්සන් ඉක්මන් කරලා යමු. දෙවියනේ දැනටමත් අපි ප්රමාද වැඩිද?”
Age Group : 13 -99 Years
Model : Translation
No. of Pages : 184
ISBN : 978-624-5941-82-7
Author : Kumara Siriwardana
Language : Sinhala
Reviews
There are no reviews yet.