“ගිම්හාන සියපතක් කියවා අවසන් වූ පසු හිස්කමක් නොදැනෙන නවකතාවකි.
ඒ ගිම්හානයට පිපෙන මල් පවා වසන්තය ගැන සිහින දකින නිසාමය .”
“ඔබට හුස්ම ගැනීමට අයිතිය ඇති තරමටම අන් සියල්ලන්ටමත් හුස්ම ගැනීමේ අයිතිය ඇති බව තරයේ මතක තබාගත යුතු ය. එනිසාම ඔබ ජීවත් විය යුත්තේ ඔබට පමණක් සර්ව සාධාරණ මතයක නොව සියල්ලන්ටම පහසුවක් සැනසීමක් වන දැක්මක ය.”
“ජීවිතේ කියන්නේ මොකක්ද කියලා, ජීවත් වෙනවා කියන්නේ මොකක්ද කියලා අපි දැනන් හිටියේ නෑ. ඒත් අපි ජීවත් වුණේ සුර ලෝකෙක කියලා හිතාගෙන අපි ජීවත් වුණා. අපිට ඉඩම් තිබ්බේ නෑ. ගෙවල් තිබ්බේ නෑ. අපිට අපේ කියන්ට දෙයක් තිබ්බ නම් ඒ අපේ පණ විතරයි. ඒත් අපිට එහෙම හිතුණෙත් නෑ. එක්කො අපි එහෙම හිතන්ට දැනන් හිටියෙ නෑ.”
“ජීවිතේ තියෙන්නේ කොහෙද… බඩු මල්ලෙද… සීනි පරිප්පු ටිකකද….?
‘ඔවුන් සැමදා සිඟමන් යැදිය යුතුයි.’ ඒ දේශපාලනය නම් මඩ ගොහුරේ මෙහෙවර ප්‍රකාශයයි. අපි හැමදා ඔවුන්ගෙන් ජීවිතය යැදිය යුතුද…? සිතිම ඔබට භාරයි…
ගම,පාසල,සම්බන්ධකම්, දේශපාලන බල පුළුවන්කාරකම්, ඇති නැති පරතරයන්, මේ සියල්ල භ්‍රමණය වෙමින් පවතින ආකාරය තම ගෙත්තමට පන පොවා ඇති ආකාරයත්, පැරණි ලෝකය මෙන්ම නූතන ලෝකයේ පවා තිබෙන පුද්ගල සම්බන්ධකම් සහ ග්‍රාමීය පුද්ගල මනෝභාවයන් සහ ඒ ඔස්සේ පැන නගින සමාජ ව්‍යාකූලතාවන් ගැටුමන් සමාජ කියවීමට බදුන් කර තිබේ.
Age Group : 18 – 99 Years
Model : Novels
No. of Pages : 184
ISBN No: 978-624-6586-49-2
Author :Layanthi Nanayakkara
Language : Sinhala
Reviews
There are no reviews yet.