🔰සුප්‍රසිද්ධ පුල්ස්ටර් සම්මානයෙන්ද පිදුම් ලද මෙම ග්‍රන්ථයේ මුල් කෘතියෙහි පිටපත් මිලියන තුනකටත් වැඩියෙන් අලෙවි වී ඇත.
අගතියෙන් කෲරත්වයෙන් හා වංකභාවයෙන් දූෂිත වු නාගරික ජන කොට්ඨාසයක ගතානුගතික චින්තන සම්ප්රදාය දෙදුරුම් කා ගියේ ඉන්ද්‍රඛීලයක් මෙන් නොසැලෙමින් එක් පුද්ගලයකු විසින් කරනු ලැබු අරගලය හේතූ කොටගෙනය.වර්ණ භේද වාදයත් එමඟින් පෝෂණය ලැබු පන්ති භේදයත් හෙළාදකිමින් හඬ නැගූ මානව හිතවාදියාගේ ගර්ජනය උසාවි ගර්භය තුළ දෝංකාරය වුයේ සුදු ජාතික හදවත් සසල කරවමින් හා කළු ජාතික හදවත් කම්පාවට පත් කරවමිනි.
කළු ජාතිකයකුට එරෙහිව සුදු ජාතික කාන්තාවක් විසින් මුළුමනින්ම අසත්‍ය චෝදනා එල්ල කරමින් ගොනු කරන ලද නඩුවකදී කළු ජාතිකයා වෙනුවෙන් ‘ඇටිකස් පින්ච්’ නම් වූ සුදු ජාතික නීතීඥයා පෙනී සිටිනුයේ සමකාලීන සෙසු සුදු ජාතිකයින්ගෙන් එල්ල වන දැඩි විරෝධතාවද නොතකමිනි.
හේ කළු ජාතිකයා වෙනුවෙන් පෙනී සිටිමින්, වර්ණ භේද වාදය හෙළා දකිමින්, උසාවිය තුළ කරනු ලබන දේශනය අද්විතීය ගනයේ දේශනයක් වශයෙන් හැඳින්විය හැකි අතරම එමගින් කළු ජාතිකයාගේ නිර්දෝෂීභාවය තහවුරු කරනුයේ කිසිවකුට හෝ අභියෝගයට ලක්කළ නොහැකි අයුරිනි. එහෙත් සුදු ජාතිකයින්ගෙන් පමණක් සැදුම්ලත් ජූරියේ ඒකමතික තීරණය වනුයේ කළු ජාතිකයා වරදකරු බවයි. කෙසේ වුවද අවසානයේ පැමිණිලිකාරියගේ පියා ඝාතනයට ලක් වන අතර ඔහු ඝාතනය කර දමනු ලැබුවේ කවුරුන් විසින්ද යන්න ඍජුව හෙළි නොකර ඒ පිළිබඳව විනිශ්චයකට එළඹීමට කතුවරිය විසින් පාඨකයාට අවස්ථාව සලසා දී ඇති ආකාරය සිත් ගන්නාසුලුය.
Age Group: 13 -99 Years
No. of Pages: 496
ISBN : 978-955-33-0002-7
Language : Sinhala
Reviews
There are no reviews yet.