2014 ජාතික යොවුන් සම්මානය දිනු නවකතාව
ෆ්රැන්සිස් කොළඹ ඉඳලා ආයෙ වතාවක් වලව්වට ආවේ මේ අතරෙදියි. වලව්වෙ ගල් උළුවස්සෙන් ඇතුළු වෙද්දිම වලව්වට උදාවෙලා තියෙන වින්නැහිය අඳුනගන්න දැන උගතෙක් වෙච්ච මොලමුරේට අපහසු වුණේ නෑ. තමන් කලින් වතාවේ එනකොට සුදු පාටින් දිදුලපු වලව්ව අව පැහැ ගැන්විලා ගිහින් තණකොළ වැවිලා වලව්වත්ත අවලස්සන වෙලා. වලව් මිදුලට උදලු පාරක් වැදුණු කාලයක් හොයා ගන්න බෑ. ඒ තරමට වල්පැළ වැවිලා වලව් මිදුල ආක්රමණය කරලා. දෙපැත්තේ තිබුණු මල්වැට වේළිලා ගිහින් මලක් පිපිච්ච කාලයක් මතක් කර ගන්නවත් බැරි තරම්. ඉස්සර කෙර මැණිකෙගෙන් කෑම කන්න ආපු සුරතල් සතෙක් වත්තෙ කොහේවත් පේන්න නෑ. ඒ වෙනුවට වල් පැළෑටි වැවිලා හුළගට එහෙ මෙහෙ හෙලවෙනවා විතරයි.
Age Group : 13 -60 Years
Model : Novels
No. of Pages : 248
Author : Yanusha Lakmali
Language : Sinhala
Reviews
There are no reviews yet.