බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ වන් වූ පිරුවානා පොත් වහන්සේට විශේෂ ගෞරවයක් ලැබේ. පිරිතෙහි ප්‍රධාන වශයෙන් අන්තර්ගත වන්නේ සත්‍ය පාරමිතාව හා අධිෂ්ඨාන පාරමිතාවයි.
බෞද්ධයා උදේ, සවස, රාත්‍රියෙහි පිරිත් ඇසීම, කීම කරනු ලබයි. පිරිත් දේශනය මානසික ප්‍රතිකාරයකි. පිරිත් තුළින් ආරක්ෂාව, ආශිර්වාදය, දියුණුව, නිරෝගීකම ආදී ලෞකික පරමාර්ථ සේම නිර්වානය ලබා ගැනීමත් පිරිත් සජ්ඣායනයක අපේක්ෂාවයි.
ගිහියන් වන අපට පිරුවානා පොත් වහන්සේ නිවසක තබා ගැනීම පවා ආරක්ෂාව, නිරෝගී සුවය ලැබීමේ භාග්‍ය උදා වන බව ඇතැමුන්ගේ මතයයි. කෙසේ වන්නේ වී නමුත්, අවුරුදු 2550 කට වැඩි කාලයක් බුදු දහම බෞද්ධයන්ට ප්‍රායෝගික වූ ආගමක් පමණක් නොව මිලියන සංඛ්‍යාත බෞද්ධ ජනයා දිනපතා ජීවිතයේ මුහුණ පෑමට සිදුවන ගැටලු බාධකවලින් මිදී සුවය හා ශාන්තිය ළඟා කර ගැනීමට පිරිතේ අනුහස බුක්ති විඳි බව පිළිගත හැකි කරුණකි
Age Group: 13 -99 Years
Author : Susara Publishers
Pages : 168
Language: Sinhala
Reviews
There are no reviews yet.