“මොන ඉක්මනක්ද පුතේ… දැන් මට හැත්තෑවත් ඉවරයි… කිසිම දෙයක් උවමනාවෙන් අත් ඇරියෙ නෑ… කාලය ගෙවිලා යද්දි ඉබේම අතෑරිලා ගියා… බුදු හාමුදුරුවො දේශනා කරපු විදියට සත්‍යාවබෝධය ලබාගෙන කිසිම දෙයක් උවමනාවෙන් අතෑරපු ප්‍රඥාවන්ත ගැහැනියක් නෙමෙයි පුතේ මං…”
හිමාලිගේ ආත්මීය පාපෝච්ඡාරණය දරාගත නොහැකිව විමුක්ති දෙතොල සපා ගත්තේය. ඇගේ ජීවන දර්ශනය පමණටත් වඩා ගැඹුරට විහිදී ගොස් ඇතැයි වැටහුණු මොහොතේ, තවදුරටත් ඈ හා අදහස් හුවමාරු කර ගැනීම නිෂ්ප්රයෝජනවත් ක්‍රියාවක් බව විමුක්ති අවබෝධ කර ගත්තේය. හැකිතාක් කාලයක් ඇගේ ළඟින් හිඳිමින්, ඇගේ සුවදුක් විමසමින්, හැකිතාක් සෙනෙහසින් රැක බලා ගනු විනා ඇගේ සිතිවිලි ලෝකය වෙනස් කිරීම පහසු නොවන වග විමුක්ති වටහා ගත්තේය.
“මම කඩේට ගිහිල්ලා එන්නම් නෝනා හාමු… තව මොනවා හරි ගේන්න තියෙනවද නැන්දෙ…?”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 148
ISBN No: 978-955-33-0925-9
Author : Dilhani Vickramarathne
Language : Sinhala
Reviews
There are no reviews yet.