ලොව පුරා ප්‍රේක්ෂකයන් නැරඹූ විස්මයජනක මාලා නාටකයට පදනම් වු සත්‍ය කතාව.
කඳු මිටියාවත් ඔස්සේ, උස්බිම් සහ තැනිතලා අතරින්, වගාබිම් සහ වගුරුබිම් ඔස්සේ ඇළ දොළ ගංගා හරහා කටු කම්බි දඩු වැටවල් සහ කටු පඳුරු මැද්දෙන්, ගල් බොරලු රළු බිම් අතරින්, විශාල බිම් සහ ගම්මාන වටා යමින් මං පහරන්නන් සහ පාදඩයන්ගේ පහරදීම්වලට ක්රෑරකම්වලට ලක්වෙමින් නිරාහාරව අඩුතරමින් සැතපුම් හයහත්සියයක්වත් තමාට ආදරය කළ සහෘදයන් සොයා ගිය දුෂ්කර නිර්භීත උත්තමාන්විත ගමනේ කතාන්දරයයි ‘ලැසී’ ඇත්තෙන්ම මෙය ආදරය, සෙනෙහස, ධෛර්යය, කැපවීම සහ නිර්භීතභාවය යන කතාන්දරයකි.
‘එදින සිට ඇය මහා වැස්ස, හිම වැටීම මොනයම් හෝ බාධාවක් නොතකා ජෝ පාසල් ගිය සෑම දිනකම පාසල ඇරෙනා වේලාව වන සවස හතරට විනාඩි ගණනක් තිබිය දී ගම්මානයේ වීදියේ පදික වේදිකාව දිගේ පාසල වෙත ගියාය. පාසල නිම වු පසු ළමයා සහ බැල්ලිය සිනාසෙමින් දිවයමින් නිවෙස වෙත යන්නෝය. පාසලට යමින් සිටිනා ගැසී දකිනා වීදී දෙපස නිවෙස්වල ගැහැනුන් “අන්න ලැසී යනව. වේලාව හතරට පහක් විතර ඇති.දරුවට කිරි දෙන්න වෙලාව හරි” “අන්න ලැසී යනව. රෑ කෑම හදන්න පටන් ගන්න වෙලාව හරි” කියමිනි.
සමහර වෙළෙඳසැල් හිමියන් “අන්න ලැසී යනව. ළමයෝ ඔය නැවතිච්ච ඔරලෝසුව අරගෙන වයින් කරලා හතරට වෙලාව තියන්න” කියමිනි.
ජනප්‍රියතාවයට හේතු වූ අනෙක් කරුණ නම් ඇය ගම්වාසීන්ගේ අභිමානය නියෝජනය කිරීමයි.
Age Group : 13 -99 Years
No. of Pages : 160
Adaptation – Upali Randeniya
ISBN : 978-955-33-0212-0
Language : Sinhala
Reviews
There are no reviews yet.