එක අතකින් පුන්චි, තාත්ත මත්තෙ වැටීගෙන සාත්තු සප්පායම් කළා ඇරෙන්නට ඉගෙන ගැනීම පැත්තකට දමා සිටිය එක අපරාදෙ ය. ඒ වෙලාවෙ ඇයට අවවාදයක් දුන්නා නම් මේ කිසි දෙයක් නො වන්නට තිබුණි. ඒත් පතාගෙන ආ විදිය වෙනස් කළ නො හැකි ය. තව සැරයක් උනන්දු වී උසස් පෙළ කර ගත්තා නම් විශ්වවිද්‍යාලයකට යාමට තිබුණි. මීට කලිනුත් උගන්නපු ගුරුවරුන් පුන්චිට දොස් කිව්වෙ හැකියාව තිබියදී ඉගෙනීම නතර කළ එක ගැන ය. පරක්කු වී හෝ ඉගෙන කියා ගන්නට හිතූ එක හොඳ ය. මද්දුත්, පොඩීත්, පොඩි පුතාත් මඟුල් ගෙදරට එන බව දන්වා ඇත. පොඩි පුතාට විවාහ යෝජනා කීපයක් ආවත් ඒ කිසිම දේකට වැඩි කැමැත්තක් පොඩි පුතා පෙන්වූයේ නැත. මේ යෝජනාව ගෙනැවිත් ඇත්තේ හඳුනන පෙරකදෝරු නෝනා කෙනෙකි. පොඩි පුතා තමාට මේ ගැන කිව්වෙ දැන් මාස දෙකකට විතර පෙර ය. ඊට කලින් පුන්චි මේ ගැන පොඩි පොඩි ඉඟි දුන්නා ය. පොඩි පුතා හැමදේම කියන්නේ පුන්චි සමඟ ය.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 176
ISBN No: 978-955-33-1125-2
Author : Darshana Shammi
Language : Sinhala
Reviews
There are no reviews yet.