“මගෙ දරුවා ගැනවත්, මං ගැනවත් මේ වෙනකල් කවුරුවත් ඔය තරම් උවමනාවෙන් හිතලා නෑ ගෞරවී… තනි වෙන්න සිද්ධ වුණොත් ගෑනියෙකුට විතරක් නෙමේ පිරිමියෙකුගේ දෛවයත් විසකුරුයි… සමහර වෙලාවට ඒ තනිකම හරි කාලකණ්ණිකමක් ගෞරවී…”
“සංසාරේ අපි මොනව හරි ප්රාර්ථනා කළාද ඒ දේවල් අපිට ලැබිලා ඇති සමීර්… ප්රාර්ථනා කළත් අපිට මොනව හරි දෙයක් ලබා ගන්න පින් මදි වුණා නම් ඒ දේවල් අපිට අහිමි වෙලා ඇති… හිමිවීම් අහිමිවීම් අතර මහා පරස්පරයක් නෑ සමීර්… හිමි වුණත් සමහර දේවල් දුකක් වගේම අහිමි වුණත් සමහර දේවල් සතුටක්… ඒ හින්දා හිමිවීම්, අහිමිවීම් ගැන ඕනවට වඩා තැවෙන්න හොඳ නෑ… අහිමි වීම පාපයක් වෙන්නේ අපි ඒ අත්දැකීම්වලට මුහුණ දෙන ස්වරූපයත් එක්ක… පැටියව මං හෙට ඉඳලා බලා ගන්නම්… ඒත් එක්ක ඔයාගේ ජීවිතේ හුඟක් ප්රශ්නවලට උත්තර හිමින් හිමින් ලැබෙයි කියලා මට දැනෙනවා සමීර්…”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 144
ISBN No: 978-955-33-0921-1
Author : Dilhani Vickramarathne
Language : Sinhala
Reviews
There are no reviews yet.