“අකිම්බෝ ඇන්ඩ් ද ක්‍රොකඩයිල් මෑන්” නම් මෙම කෘතිය, අප්‍රිකානු වනාන්තරයක් අසල ගමක දිවි ගෙවන අකිම්බෝ නම් දරුවකු සහ ඔහුගේ වනාන්තරයන්හි සැරිසැරීමේ, අත්දැකීම් ප්‍රබන්ධ කර ඇලෙක්සැන්ඩර් මාකෝල් ස්මිත් ලියූ කෘති මාලාවක එක් කෘතියකි.
අප්‍රිකාවේ වනාන්තරයක් ආසන්නයේ වූ ගම් පියසක ජීවත්වන අකිම්බෝ වනාන්තරයට දැඩි සේ ප්‍රිය කරන දරුවෙකි. තම පියා වන අඩවි නිලධාරිවරයෙකු වන බැවින් අකිම්බෝට වනාන්තරය හා එහි ජීවත්වන සතුන් පිළිබඳව අත්දැකීම් බොහොමයක් ලබන්නට වාසනාව උදා වේ. කිඹුලන් පිළිබඳ පර්යේෂණයන්හි යෙදෙන පර්යේෂකයකු සමඟ කිඹුලන්ගේ වතගොත සොයා යෑමේදී ලත් ත්‍රාසජනක අත්දැකීම් මේ කෘතියට පාදක වී ඇත.
“අකිම්බෝ පොතෙහි පිටු පෙරළුවේය. පොතෙහි පළමු පිටුවේ තද පැහැති කළු අකුරින් මුද්‍රණය කර පොත පිළිගන්වා තිබුණේ, ‘අකිම්බෝ නුඹට ස්තුතියි’ කියා ය. එහි පහළින් ජෝන්ගේ අත්සන ද යොදා තිබිණි.
“ඔයාට ඉදිරි කාලෙදි ඕන තරම් කිඹුල්ලු දැක ගන්න පුළුවන් වේවි. සමහරවිට ඔයාට මේ පොත කියවනකොටත් එයාලව මුණ ගැහේවි.” ජෝන් පැවසුවේ ය. “ම්… මම එක දිගටම මේක කියවගෙන යන්නම්. මට ඉවසිල්ලක් නෑ.” අකිම්බෝ ප්‍රීතියෙන් ස්තුතිවන්ත වෙමින් පැවසුවේ ය. ජෝන් මොහොතකට කල්පනාවට වැටුණේ ය. “ඊළඟ අවුරුද්දේ මම ආයෙමත් අර අපි පරීක්ෂා කළ කිඹුල් පවුල බලන්න ආවොත් අකිම්බෝ මාත් එක්ක එකතු වෙනව ද?” “ඇත්තටම ඔව්. මං හරිම කැමැත්තෙන් එනවා ජෝන්” අකිම්බෝ ප්‍රීතියෙන් පොරොන්දු වූවේ ය.ජෝන් ස්තුතිවන්ත දෙනෙතින් ඔහු දෙස බලා හිස වැනී ය. මං හිතන්නෙ අපිට පුළුවන් වේවි ඒ වෙනකොට ඔයාටත් කිඹුලන් ගැන පර්යේෂණ කරන කෙනෙක් තත්ත්වයට පත්වෙන්න වැඩ කරන්න.ජෝන් අනෙක් අය ද සිනහගන්වමින් පැවසුවේ ය.
“ඔව්… මං හරිම කැමතියි. ඔව්… සත්තු ගැන පර්යේෂණ කරන්න
පුද්ගලයෙක් වෙන්න මං බලාපොරොත්තු වෙනවා.
අකිම්බෝ අධිෂ්ඨානයෙන් යුතු ව පැවසුවේ ය.”
Age Group: 13 -99 Years
No. of Pages: 64
ISBN : 978-624-6451-15-8
Language: Sinhala
Reviews
There are no reviews yet.