අරංකා සීගල්
හංගේරියාවේ ළමා කාලයක් 1939 – 1944 නම් වූ මේ කෘතිය ලියූ අරංකා සීගල් නම් වූ යුදෙව් ජාතික කතුවරිය සිය කාතියෙන් දක්වන්නේ හිට්ලර්ගේ යුදෙව් ප්‍රහාර සමයේ දී යුදෙව් ජාතිකයන් විඳි අන්ත දුක්ඛ දෝමනස්සයන්ය.
හංගේරියාවේ විසු අරංකාගේ දෙමාපියන් අතරින් විශේෂයෙන් ඇගේ මව රයිස් හා ආච්චි අම්මා දරුවන් ආරක්ෂා කර ගැනීමට විඳි දුක් කන්දරාව මෙන්ම කැපකිරීම්ද මේ කෘතියෙන් හෙළිදරව් කරයි.
යුදෙව් ප්‍රහාරයට පෙර හංගේරියාවේ හා තදාසන්න රටවල දේශපාලන තත්ත්වය හංගේරියාවේ විසූ සමහර ජනතාව යුදෙව්වන් කෙරෙහි තිබූ ආකල්පයද මේ කෘතියෙන් විග්රහ කරයි.
“Upon the Head of the Goat ’ නවකතාවේ පිටකවරයේ පින්තූරයේ ඔබ ඉතා දුර ඈත බලාගෙන ඉන්නවා. ඔබ ඒ බලාගෙන සිටින්නේ කුමක් දෙස දැයි ඔබට මතකද?” මෙසේ එක් අවස්ථාවකදී ඇගෙන් මාධ්‍යවේදියෙක් ඇසීය. ඇය එයට දී ඇත්තේ මෙබඳු පිළිතුරකි.
“ඒ යුද්ධයට පෙරගත් අපේ පවුලේ ඉතිරි වී ඇති එකම ඡායාරූපයයි. එහි මං ඈත බලාගෙන අතකින් දෑස වසාගෙන ඉන්නේ ඉර අව්වෙන් බේරීමටයි. නැතුව කවුදෝ අර්ථකථනය කළාසේ මා අනාගතය දිහා බලාගෙන ඉන්නවා නොවේ. මං ඒ කාලේ කිසිවක් නොදන්නා පුංචි කෙල්ලක්.” “ස්වීඩනයට ගිය මට එහිදී දයාව කරුණාව ලැබුණේ එහි ග්‍රේස් නගරයේ වැසියන්ගෙනි. එහි ජීවත්වූ ස්විඩන ජාතික පවුල මට පවුලක් පිළිබඳව දෙවැනි අවස්ථාව ලබාදුන්නා. මට එහිදී අලුත් සහෝදරියන් දෙදෙනෙක් හමුවුණා. මා අදටත් ඉඳහිට ඔවුන් බලන්නට යනවා. ඔවුන් මට සැලකුවේ තමන්ගේ ‘පුංචි නංගී’ ලෙසටයි.
Age Group : 13 -99 Years
No. of Pages : 240
Author : Daya D.Fonseka
ISBN : 978-955-33-0931-0
Language : Sinhala
Reviews
There are no reviews yet.