මෙහිදි අධිකරණ වෛද්‍ය නිලධාරිතුමාගේ උපදෙස වුයේ උදැල්ල ඉවත්කර ඇටසැකිල්ලට හානියක් නොවන ආකාරයෙන් ලී කැබැල්ලකින් පස් බුරුල් කරන ලෙසයි. තව තවත් පස් හෑරීමේදී චමෝදි එතැනින් ඉවත් වුයේ එදෙස ඔවුනට බලාගෙන සිටීමට නොහැකි නිසයි.
ක්‍රමක්‍රමයෙන් ඇටසැකිල්ල ගොඩට ගැනීමට සුදානම් විය. ඒ අතර තුර ඇටසැකිල්ලේ රතුපාට රෙදි කැබලි තැනින් තැන පපුව ප්‍රදේශයේ පහළට දැවටී තිබිණි. ඉන ප්‍රදේශයෙන් පහළට දැවටී තිබුණේ කළු පාට ඝනකම් වු රෙදි කැබලිය. ඒ ඔහු ඇඳ සිටි කමිසය විය හැකිය. රතුපාට රෙදි කැබලි වුයේ ඔහු ඇඳ සිටි කලිසම විය හැකිය. දැන් මෙය මිනිස් ඇට සැකිල්ලක් බව එය දුටු ඕනෑම කෙනෙකුට කිව හැක. ඇටසැකිල්ල වළ තුළ තිබියදීම ඉන්ස්පෙක්ටර් රොමේෂ් පියල්ගේ බිරිඳගෙන් ප්‍රශ්නයක් ඇසුවේය. එය පියල්ගේ මෘත ශරීරය බවට සාක්ෂි ලබාගත හැකි ප්‍රශ්නයක් බව එතැන සිටි සියල්ලන්ටම අවබෝධ විය.
Age Group: 13 – 99 Years
No. of Pages: 288
ISBN : 978-955-33-1103-0
Author :D.M.ANURA DESANAYAKE
Language: Sinhala
Reviews
There are no reviews yet.