😍“ජමිලාද අප ගෙදරට පැමිණ පළමුවන දවසේ සිට ලේලියක් මෙන් නොහැසුරුණාය. ඈ වැඩිහිටි අයගේ උපදෙස් පිළිපැද්දාය. එහෙත් කිසි දිනෙක ඔවුන්ට හිස පාත්කොට ආචාර නොකළාය. සමහර තරුණියන් මෙන් පළමුව හිස පාත් කොට පසුව මුණු මුණු ගාමින් ඇනුම් පද නොකීවාය. තමා සිතන දේ නිර්භයව කී ජමිලා තම නිගමනයන්ට හේතුවුණු කරුණු කෙළින්ම පැහැදිලි කළාය. අම්මා ඈට අනුබල දුන්නාය. ඇය සමඟ එකඟ වූවාය. එහෙත් අවසාන වචනය හා තීරණය තමා සතු දෙයක් බව හැඟවූවාය.”
චින්ගීස් අයිත්මාතව්ගේ නවකතාවල එන අල්තීනායි වැනි චරිත සුප්‍රසිද්ධය. සෝවියට් ආණ්ඩුබලය පිහිටුවිමෙන් පසු මැද ආසියාවේ ඇති වූ පරිවර්තනය ගැනද, නව අවස්ථා ගැනද, මෑතක් වන තුරු වැඩවසම් හා රදළ ක්‍රමයට අයත් වහල් සිරිත්වලට යට වී සිටි මිනිසුන් ඒවාට එදිරිව නැගී සිට පෙන් වූ ආධ්‍යාත්මික බලය ගැනද ඔහුගේ චරිත කියාපායි.
ජීවිතය ආදරය යුද්ධය මානුෂික හැඟීම් පිළිබඳ වටිනා කියවීමක් මෙම කෘතියේ අඩංගු වේ.
Age Group: 13 -99 Years
No. of Pages: 208
ISBN : 978-955-676-454-3
Author : Dedigama V. Rodrigu
Language : Sinhala
Reviews
There are no reviews yet.