“තාත්තාගේත් අම්මාගෙත් මල්ලීගේත් හඬ නිවෙස පුරා දෝංකාර දෙයි. ඔවුන්ගේ සුවඳ මගේ දෙනෙතට කදුළු නංවයි. මම හඬමින්ම ඉරි තැළී ගිය සිමෙන්ති පොළොවේ හිඳ ගනිමි. අම්මාගේ නැළවිලි හඬ සවන්පත් අතරින් ගලන හඬ මට ඇසේ. බිත්තරයක් බඩ බැඳ ගත් මකුළුවකු තාත්තාගේ ඇඳි පුටුව යටට ගොස් සැඟවෙයි. කිසිවෙකුගේ නින්දා සහගත සිනා හඬක් මැද හිස ගිනියම් වෙද්දී මම පිටුපසට හැරෙමි.”
“ලෝකය නිහඬය. ඒ තුළ ජීවිතය අතරමංව ඇත. තනි වු මම නොයෙක් සිතිවිලි ඔස්සේ දුරක යමි .ආපසු එමි. එහෙත් ස්ථිර නැවතුමක් නොපෙනේ. හැරෙන හැරෙන මඟ අවසානයේ ඔරායන් පමණක් මා දෙස බලා සිටියි.”
“කදුකරය තම සියතට ගත් අන්ධකාරයේ කළු මීදුම නගරය පුරා විසුරුවා ඇත. වෙන දා ගත හිරි නංවමින් දැනෙන සීතල වෙනුවට ගත පුරා ඩා බිඳු වැගිරෙමින් පවති. කළු වලාවන්ගෙන් වැසි පූර්ණ සඳ මඬල නබෝ ගැබ සැඟව සිටින්නේ වලාවන්ගෙන් මිදෙන නිමේෂය පිළිබඳ අපේක්ෂාවෙනි. මොහොතකට පෙර අහස දෙස නෙත් යොමු කළේ නම් අන්ධකාරයේ සැඟව ගිය සඳ පැහැදිලිව දැක ගත හැකිව තිබිණ. මා ප්රමාද වුවා වැඩිය කළු වලාවන් ඒ සියල්ල සඟවා හමාරය.”
Age Group: 13 -99 Years
No. of Pages: 168
ISBN : 978-624-6586-09-6
Language: Sinhala
Reviews
There are no reviews yet.