මන්දාකිනියේ නිදහස් සටන්කාමීන්! ඒකාධිපති දුෂ්ට පාලනයක් පවතින පෘථිවි නගරයට හා තම අනාගතය විනාශ කළ දුෂිත පෘථිවි පාලකයන්ට එරෙහිව බ්ලේක් සටන් වදියි.ලිබරේටර් නමැති මෙතෙක් නිර්මානය කරන ලද විශිෂ්ටතම තාක්ෂනයෙන් හෙබී සුපිරි අභ්‍යවකාශ යානය සියතට ගන්නා බ්ලේක් තම සගයන් සමඟ සිග්නස් ඇල්ෆා නම් අද්භූත ග්‍රහලොවට ගමන් කරයි. සිග්නස් ඇල්ෆා ග්‍රහ තරුවේ බියකරු සාපයට ලක්වීමේ අවදානම දරමින්ම ඔහු වාර්ගාස් නම් වියරු පාලකයාගෙන් තම අනිත් සගයන් ගලවා ගනියිද?. මෙම සගයන් සමඟ සටන්කාමී බලවේගයක් ගොඩනගන්නා ඔහු චක්‍රාවාටය පුරා ඇති අසාධාරණයට එරෙහි වෙමින් ක්‍රියාත්මක වෙයි.
🚀සිග්නස් ඇල්ෆා නම් අද්භූත ග්‍රහලොවට ගමන් කරන බ්ලේක්ස් එම ග්‍රහ තරුවේ බියකරු සාපයට යටත් වේවිද? එම සාපය කුමක්ද?
👉වාර්ගාස් නම් වියරු පාලකයාගෙන් තම සගයන් ගලවා ගැනීමට හැකි වේද?
තම සගයන් නැවත ඔහුට හමු වීමට හැකි වේවිද?
👉බ්ලේක්ස්ට චක්‍රාවාටය පුරා ඇති අසාධාරණයට එරෙහිව ක්‍රියාත්මක වීමට හැකි වේවිද?
🧑🚀ජනප්‍රිය විද්‍යා ප්‍රබන්ධ ලේඛක ටේරවර් හොයිල් විසින් රචිත Blake’s Seven කතා මාලාව අභ්‍යවකාශ තරණය හා ග්‍රහලෝක අතර ඇති යුද්ධ ගැන කියවෙන ඉතා ජනප්‍රිය කථාවන් විය. එහි සිංහල පරිවර්තනය බ්ලේක්ස් සෙවන් තාරකා යුද්ධය නමින් ඔබ අතට පත් වේ
No. of Pages: 248
ISBN : 978-624-6451-72-1
Author – Wasantha Pigera
Language: Sinhala
Reviews
There are no reviews yet.