“මේ… මේ… පිස්සු කතා කියන්න එපා රවී… බබා ලැබෙයි… ඔයාට කරදරයක් වෙන එකක් නෑ… ඔයා බය නැතුව ඉන්න…”
සඳුනි රවින්දාව තුරුල් කරගෙන දේවන්ත දිහාට ඇස් දෙක හැරෙවුවා. ඒ ඇස් දෙකෙත් කඳුළු පිරිලා. අනේ සඳූ… මට මොකද මේ වුණේ කියන ප්රශ්නෙ ඒ කඳුළු පිරුණු ඇස් දෙක සඳුනිගෙන් ඇහුවා. දුක්වෙන්න එපා දේවයියෙ. ඔයා බයවෙන්න එපා ඔයාගෙ සතුට මං හැමදාමත් පැතුවා. අදත් එහෙමයි. ඔයාගෙ සතුට ඔයාට ලැබේවි. ඔයාගෙ දරුවාත් ඔයාට කරදරයක් නැතුව ලැබේවි. මං කවදත් පැතුවෙ ඔයාගෙ සතුටයි දේවයියෙ… මට ඔයාගෙ සතුට වෙනුවෙන් කරන්න බැරි දෙයක් නෑ.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 248
ISBN : 978-624-5941-26-1
Author : Sandaya Subasinghe
Language : Sinhala
Reviews
There are no reviews yet.