“අර අලුතෙන් ගමේ පදිංචියට ආව සේතන් සීයගෙ නෑදෑ වෙන මුනුබුරා… වැලිවිට අයියා අඳේට කුඹුරු වැඩ කරනවලු… පුංචි බාප්පෙ… මං කුඹුරු දෙක නම් ඒ අයියට දෙන්ට හිතාගෙන හිටියෙ. හේනත් කැමති නම් ඒ අයියම කරපුදෙන්… අපේ හේනත් ඕන දෙයක් හරියන පොළොව… එපා නම් කියන එකක් නෑ… මම ඔය හැමදේම ගැන පහුගිය ටිකේම කල්පනා කරා පුංචි අම්මෙ… ගමෙන් පිටවෙලා යන්ට විදියක් ලැබුණෙ නැත්තං… දවස් දෙක තුනකින් බලගොල්ලෙ කලාපෙ ගාමන්ට් එකකට හරි යන්ට තමයි හිතාගෙන හිටියෙ… හොඳ වෙලාවට තමයි සුරාජ් සර්රුත් මං එනවට කැමති උනේ…”
සන්ධ්‍යා දිගු සුසුමක් හෙළුවාය.
“නැන්දම්මා දුම්මල වරම අතට ගනියිද දන්නෙ නෑ දරුවො…”
“එතකොට මං ගමෙන් ගිහිල්ලනෙ පුංචි අම්මෙ… මොකෝ ඊට පස්සෙ පෙරකදෝරු බංගලාවට ඇවිත් එයා හර්තාල් දාන්ටයැ…”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 168
ISBN No: 978-955-33-0923-5
Author : Dilhani Vickramarathne
Language : Sinhala
Reviews
There are no reviews yet.