“මගේ මරණයෙන් පසුව මගේ සොහොන මතට කැලි කසල ගෙනැවිත් දමනු ලබන බව මම දනිමි. එහෙත් ඉතිහාසයේ සුළඟ විසින් ඒවා විසිරුවා හරිනු ලබනවා ඇත.” -යුසිෆ් ස්තාලින්- 1943 දී.
ස්තාලින් හරහා මේ කියන්නේ ඔක්තෝම්බර් විප්ලවයේ ඉතිහාසයයි. රුසියාවේ සමාජවාදය ගොඩනැගීමේ විසිතුරු කතාවයි. සෝවියට් දේශයේ ඉතිහාසයයි.
20 වන සියවසේ පළමු අර්ධයේ ලෝක ඉතිහාසයයි.
නොඇසු දේ බොහෝ ඇති මේ කතාව කියවීම නවමු අත්දැකීමක් වනු ඇත.
“දිළිදු බේබදු සපතේරුවකුගේ පුතෙකු වු ස්තාලින් ජර්මනියේ සිට සහලින් දක්වා විහිදී පැතිරුණු හිරු නොබසින කොමියුනිස්ට් අධිරාජ්‍යයක් ගොඩනැගුවේය. හිට්ලර්ගේ පාර්ලිමේන්තුව මුදුනේ දෑකැති මිටි රතු කොඩිය එසවුයේය. ලී නඟුලින්
සී සෑ රුසියාව පරමාණු බලවතකු බවට පත් කළේය. ලෝකය ගමන් කරමින් සිටි මග වෙනස් කළේය. දිරා ගිය කැප් තොප්පියක්, තමා විසින්ම අලුත්වැඩියා කරගෙන තිබු ගෙවී ගිය සපත්තු කුට්ටමක්, පරණ වු අර්ධ හමුදා නිල ඇඳුමක් හා ලෝක මහා බලවතකු මව්බිමට දායාද කොට යන්නට ගියේය.
Age Group: 13 -99 Years
No. of Pages: 496
ISBN : 978-624-6451-44-8
Language: Sinhala
Reviews
There are no reviews yet.