“මා පාර දිගේ දුවගෙන යද්දී මිනිසා මට පිටුපසින් නොපෙනී ගියා. විනාඩි පහකින් මං අපේ ගෙදර දොර හැර ඇතුළු වුණා. ගෙදර දොර අගුළු දමා තිබෙන්නේ කලාතුරකින්. ගෙතුළට ගිය මා පොත් බෑගය ඇඳ මතට විසිකොට හණික ගියේ ජනේලය ළඟට. එතැන සිටගෙනම හිස්වැස්ම සහිත කබාය ගලවා දැමු මා නළලේ ඩාදිය පිස දමමින් බැලුවේ පාර දිහා. එවිට ආගන්තුකයාගේ සේයාවක්වත් පෙනෙන්නට තිබුණේ නැහැ. ආයේ ටිකවෙලාවකින් ඔහුගේ රුව ලන්ද මැදින් කීප වතාවක්ම මතු වුණා. නවතිමින්, වාඩි වෙමින්, කහිමින් ඔහු ආවේ හෙමින්. ඊළඟට ඔහු සිය ජැකට්ටුවේ කොලරය බෙල්ල වැහෙන්න ඔසවා එතැනම තිබූ කටු පඳුරුවලට මුවා වුණා.”
“මේ අතරේ මා කළේ කඳුවැටිය හා බඩවැටිය දිහා ඉතා පරීක්ෂාවෙන් බැලීමයි. මුහුද අද්දර සිට හාත්පස සිසාරා මට හොඳින් බැලිය හැකිය.මා වරායට ඉතා ඇලුම් කළත් දැන් මට මේ ස්ථානය සිතට බිය දනවන ස්ථානයක් වෙලා. වෙනදා සිත් අලවන මුහුදු රළ දැන් සිතට ගෙන දෙන්නේ බියපත් හැඟීමක්. කොයි මොහොතේ ඒ තුළින් බියකරු ගැහැනිය හෝ සත්ත්වයන් මතුවේදැයි සැකයි. අද මුහුදු රළ ගලා එන්නේ මිනිසෙකුට ඒ මැදින් පිහිනන්නත් බැරි තරම් වේගයෙන්.”
Age Group : 13 – 99 Years
No. of Pages : 104
ISBN : 978-955-330-143-7
Language : Sinhala
Reviews
There are no reviews yet.