බුදුන් වැඳල ඉර පායන වෙලාවෙ ඉරට වැඳල සූර්ය නමස්කාරෙ කරන අතරෙ, සසඳරා අතේ තියන මල් වට්ටියෙ මල්, කහ, යකඩ කෑල්ලක් ගඟට දැම්ම. සසඳරා හිතින් හිතාගත්ත ගංගාදරට තියන අපල උපද්‍රව දුරු වෙලා පිහිටුවන ශිල්පෙ දරුවටවත් වෙනත් කෙනෙකුටවත් අවැඩක් අපහසුවක් අනාදරයක් නොවෙන විදියට ඉදිරි වැඩකටයුතු සිද්ධ වෙන්න කියල. ඉන් පස්සෙ ගඟ මැද්දෑවෙ තියන ගල්තලාවට ගිහිං එකින් එක ශරීරයෙ තියන මාරක නිල ගංගාදරට පෙන්නුව. ඒ මැටියෙන් අනාපු රූපෙකට දෙහි කට්ටකින් සලකුණු තියමින්. හිස මුදුන, නාසය, දෙකන, බෙල්ල මුල, දකුණු කන, ලිංගය, යටිබඩ එකින් එක පෙන්නා දෙමින් ඒ නිල අල්ලා සතුරා මර්ධනය කරන ආකාරය සසඳරා ගංගාදරට ඉගැන්නුව.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 472
ISBN No: 978-624-5941-34-6
Author : Darshana Shammi
Language : Sinhala
Reviews
There are no reviews yet.