“කවුද රසට් කියන්නේ?” දොස්තර මහතා ඇසුවේය. “මට තේරුණා එයා හැම තිස්සෙම ඒ නම කියනවා කියලා.”
“ඌ තමයි එයාගෙ බල්ලා” ඇගේ මව කීවාය. “ඒත් ඌ හරිම දඟකාර බල්ලෙක් හින්දා අපිට සිද්ධ වුණා ඌව යවන්න. ලෝරා, ඌට හරි ආදරෙන් හිටියා. මම හිතන්නෙ ඒකයි එයා ඌ ගැන කියවන්නේ. එයා දන්නෙ නැහැ එයා මොනවද කියලා. එයා නික්, කේටි දෙන්නා ගැනත් කියවනවා. ඒ ළමයි දෙන්නා තමයි පැනලා ගියේ. එයාල ලෝරගෙ යාළුවෝ. මිනිස්සු එයාලව හෙව්වා. ඒ වුණාට කවුරුවත් එයාලව දැකලා නැහැ.”
Age Group : 13 -99 Years
Model : Translation
No. of Pages : 160
Author : Wasantha Pigera
Language : Sinhala
Reviews
There are no reviews yet.