ප්‍රසිද්ධ රුසියානු ගත්කතුවරයකු වන නිකොලායි නිකොලොවිච් නොසොව් විසින් රචනා කරන ලද එක් අපූරු කතාන්දරයකි
කුඩා පිරිමි ළමුන් දෙදෙනකු සිදු කරන ප්‍රායෝගික පරීක්ෂණයක් වටා ලියැවී තිබෙන මෙම කතාවේ ඔවුන් සිය ඉලක්කය කරා යාමේදී මුණ ගැසෙන ගැටලුත්, ඒවා දක්ෂ ලෙස සහ ඇතැම් විට හාස්‍යජනක ලෙස නිරාකරණය කරගන්නා ආකාරයත් ඉතා රසවත් ය. ළමා මනස ඉතා සූක්ෂ්ම ලෙස හඳුනාගෙන ලියා තිබෙන මෙම කතාන්දරය කියවන විට වැඩිහිටියකු වුව ද නිරායාසයෙන් ළමා කාලයට ඇද වැටේ.
දශක ගණනාවකට පෙර විසූ දරුවා අත්විඳ ඇති සැහැල්ලු බව ද, හැල්මේ දුවන තරගකාරී ලොවක් පිළිබඳ හාංකවිසියක් නොදත් ඔහු තුළ පිරී තිබුණු මානුෂීය ගුණාංගයන් විසින් ඔහු වෙත කාන්දු කරන ලද සහයෝගීතාව සහ එකමුතු බව ද මෙම කතාවෙන් වඩාත් හොඳින් කියා දෙන්නේ, අද වෙසෙන දරුවනට සිතන්නට යමක් ඉතිරි කර දෙමිනි.
“කමක් නැහැ, මොනවා වුණත් ගණන් ගන්න හොඳ නෑ! කොහොමත් දුක් වෙන්න නම් තවම වේලාසන වැඩියි. අපි හවස් වෙනකල් බලාගෙන ඉමු. කරදර නොවී ඉඳින්නට තීරණය කළ අප ඉවසීමෙන් බලා ඉන්නට පටන් ගත්තා. නමුත් එසේ කිරීමට වඩා කීම පහසු වුණා. බොහෝ මහන්සි වී උත්සාහ කළ ද, අපට කරදර නොවී සිටීමට අපහසු වුණා. සෑම මිනිත්තු දහයකට ම වරක් අප බිත්තර රක්නය තුළට එබුණා. අනෙක් මිතුරන් ද මේ ගැන බොහෝ කරදර වූ අතර, විටෙන් විටේ පැමිණ තොරතුරු විමසුවා. සියලු දෙනාගේ ම මුවින් පිටවුණේ එක ම පැනයකි.
“ඉතිං මොකද වුණේ?”
Age Group : 13 -99 Years
No. of Pages : 128
ISBN : 978-955-33-0899-3
Language : Sinhala
Reviews
There are no reviews yet.