ඔබත් අනිවාර්යෙන්ම කියවිය යුතුම කතාවකි.
නොපසුබට උත්සාහය හා ස්ථිර අධිෂ්ඨානය තුලින් ළගා කරගත නොහැකි ජයග්රහනයක් නොමැති බවට ධනාත්මක පණිවිඩයක් සමාජගත කරයි.
ඇලෙක්සේයි අනෙකුත් රෝගී සෙබළුන් වෙනුවෙන් තම අපරිමිත ප්‍රේමයෙන් කටයුතු කරන ආකාරය කෘතියේ පළමු සැබෑ මිනිසෙකු දැකීමක් විය
“ඔහේ ඇයි ඔහොම හැසිරෙන්නේ? ඔය තරම් වේදනා විඳින කොට විහිළු කිරීමත්, හිනාවීමත්, හරි භයානකයි. ඔහේ කොතරම් වේදනා විඳිනවද ? එය දකින මගේ හදවත උණු වෙනවා. ඇයි ඔහේ වෙන්කරපු වාට්ටුවට නොයන්නේ…?”
තමාගේ සුඛ විහරණයම පතන මිනිසුන් අතර දිගු දුරක් සිතා බලා අනෙකාගේ සිත් තැවුල් වේදනාවන් අවම කිරීමට තමාට හැකි උපරිමයෙන් කටයුතු කරන මිනිසුන් සිටිනා ලොවක් කොතරම් සොදුරු වේද? සෝවියට් දේශයට පමණක් නොව ඕනෑම දේශයක පුද්ගලයෙකුහට දිරිමත් වුවහොත් සැබෑ මිනිසෙකු වීමට හැකිවනු නොඅනුමානය.
‘අලෙක්සේයි මරේසියව්’ නම් රුසියන් සෙබළා දෙවන ලෝක සංග්‍රාමයේ දීග ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජර්මානු යුද සේනාංක හා සටන් වැද තම දෙපා අහිමි කරගත් ගුවන් හමුදා නියමුවෙකි. තම දෙපා අහිමිවීමෙන් පසුවද හිට්ලර්ගේ ප්‍රබල හමුදා සමඟ සටන්වැද විශිෂ්ට ජයග්‍රහණ රුසියන් හමුදා වෙත අත් කර දෙන්නට ඔහු සමත් විය.
මේ නවකතාවේ කතා නායකයා ඔහුයි. මුළු යුරෝපයම වාගේ ලෙයින් නෑවු දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ සේනා සෝවියට් සංගමයෙන් සෑහෙන කොටසක් අල්ලා ගැනීමට සමත් වු අතර සෝවියට් සෙබළු හිට්ලර්ගේ ජර්මන් සේනාවන්ට හා ඔහුට ගැති රටවල් ගණනාවක යුද හමුදාවලටද විරුද්ධව සටන් දියත් කළහ. ඒ සෑම අවස්ථාවකදීම අසමසම වීරත්වයක් පෙන්වු සෝවියට් ජනතාවගේ දේශප්‍රේමීත්වය ද මේ කෘතියෙන් අපට මනාව පැහැදිලි වේ.
Age Group: 13 -99 Years
No. of Pages: 320
ISBN : 978-955-676-454-3
Language : Sinhala
Reviews
There are no reviews yet.