“දරුවෝ ඔය වැඩේ මම කරලා හරියන්නේ නැහැ. ඔය ගොඩනැගිලි සැලසුම් අඳින්න ඉන්නවා වෙනම කට්ටියක්. ඒ අයට කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෝ කියලා. අපි අදින්නේ කලාත්මක චිත්ර නේ. ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙකුට කියා අපි මේ වැඩේ කරව ගමු. මම දන්නා කෙනෙක් ඉන්නවා. මම ඒ මහත්තයට කියලා ඔය දරුවන්ගේ පුස්තකාලෙට හොද සැලසුමක් අන්දවලා දෙන්නම් කෝ.” චිත්ර කර්ම ගුරුතුමා එම වගකීම භාර ගත්තේ ය.
“සල්ලිත් දෙන්න වෙයි ද?” වික්රමපාල චිත්රකර්ම ගුරුවරයාගෙන් ප්රශ්න කළේ මඳක් පැකිලෙමිනි.
“අපි ළඟ සල්ලි නැහැනේ සර්.” ඒ පියල් ය.
“හරි හරි මම ඒ වැඩේ කරවලා දෙන්නම් කෝ. මම කිවුවම ඒ මහත්මයා සල්ලි ගන්න එකක් නැහැ.” චිත්ර කර්ම සර්ගේ පිළිතුර වික්රමපාලලා ශක්තිමත් කරවන සුළු විය.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 184
ISBN No: 978-624-5941-71-1
Author : Lakshman Koradon
Language : Sinhala
Reviews
There are no reviews yet.