,නැහැ තාත්තේ මම ඉගෙන ගන්නවග විශ්වවිද්‍යාලෙටත් යනවා ඒ වගේම මම පැවිදි ජීවිතයටත් ඇතුළත් වෙනවා මගේ විභාග ප්‍රතිඵල මත්තේ මියගිය මගේ අම්මට කරන්න පුළුවන් ලොකුම උපහාරය තමයි පැවිදි ජීවිතයට ඇතුළත් වෙලා මේ අස්ථීර සසර පිළිබඳව මිනිසුන්ට පැහැදිලි කර දීලා මිනිසුන්ව සසරින් එගොඩ කිරීම ඒ වගේම මගේ අම්මාගේ මරණය වගේ අවාසනාවන්ත සිදුවීම් නැවත සිදු නොවන්න පාලම හදලා මිනිස්සුන්ව සසරින් එගොඩ කරනවා වගේම හීං ගඟෙනුත් එගොඩ කරවීමට මම කැපවෙනවා තාත්තේ,
🔰සම්පත් නිසි පරිදි බෙදී නොයෑම ද අප රටට උරුම වු විශාල කරුමයකිගඅඹකොටේ ගම්මානය ද එසේ තමන්ට හිමි නොවු සම්පතක් වෙනුවෙන් සුසුම් හෙලූ ගමකි මෙම තත්වයෙන් ගම් වැසියන් මුදාගෙන ඔවුනට පිහිටට පැමිණියේ දේශපාලඥයෙකු හෝ රාජ්‍ය පරිපාලකයෙකු නොව තරුණ භික්ෂුන් නමකිග උන්වහන්සේ බණ කියා ඉපැයු මුදලින් ගමට පාලමක් ඉදිකරදීම අඹකොටේ පාලමට වස්තු බීජය වී ඇත
🔰 දේවදූත පෙරහැර සති පිරිත් පින්කමල දොරකඩ අස්න දේශනාව ආදිය පිළිබඳව තොරතුරු ළමා හා තරුණ පිරිසට පින්කම් පොළක ඇති අසිරිය විඳ ගැනීමට ඉඩ සැලසේ
“එහෙම බැහැ! එහෙම බැහැ!! මනුෂ්‍යයෙක් නම් පොරොන්දුවක් වුණොත් ඒ පොරොන්දුව අකුරටම කොයි හැටි වෙතත් තමන්ගේ පුළුවන් ශක්තියෙන්වත් ඉෂ්ට කරන්න ඕනේ. එහෙ ධර්ම දේශනය ගැන ප්‍රචාරය කරලා පිංකම් ලෑස්ති කරලා ඉවර ඇති. ඉතින් මම නොගියම ඒ මිනිස්සුන්ට බණ කියන්නේ කවුද? ඒ නිසා මම ඒ බණ පින්කම් දෙකටම යන්න ඕනේ.”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 192
ISBN No: 9786245941643
Author : Lakshman Koradon
Language : Sinhala
Reviews
There are no reviews yet.