“Akimbo and the Snakes” නම් මෙම කෘතිය ප්‍රබන්ධ වන්නේ අප්‍රිකානු වනාන්තරයක් අසල ගමක දිවි ගෙවන අකිම්බෝ නම් දරුවාගේ අත්දැකීම් වශයෙනි මෙය අකිම්බෝ කතා මාලාවේ එක් කෘතියකි
සර්පයින් පිළිබඳ සංවේදී තොරතුරු
ලෝකය තුළ සර්පයින් වර්ග දෙදහස් පන්සියයක් පමණ ජීවත් වන බවත් උන්ගෙන් සියයට විස්සක් පමණ විෂඝෝර සර්පයින් වන වගක් ඔබ දන්නවාද?
දන්නවාද? සමහර සර්පයින්ට පියාඹන්නට හැකියි කියා! නෑ එසේ නොවේ. දකුණු ආසියාවේ සමහර දූපත්වල තුරු වදුලුවල වාසය කරන සර්පයින් ගස්වල අත්තෙන් අත්තට මාරු වන්නේ “එස්” අකුරක හැඩය ගත් රිබන් පටියක් විලාසයෙනි. එය කෙනෙකුට පෙනෙන්නේ පියඹා යෑම් ලෙසින් ය.
සර්පයන් පිළිබඳ අධ්‍යයනය කිරීම හඳුන්වන්නේ උභයජීවී විද්‍යාව වශයෙනි. (උරගියන් / කැස්බෑවන් / ගෙම්බන් වැනි සතුන් අයත් වේ.) එමෙන්ම සර්පයින්ට දක්වන අහේතුක බිය හඳුන්වනු ලබන්නේ සර්ප භීතිකාව වශයෙනි.
අප්‍රිකාවේ වනාන්තරයක් ආසන්නයේ පිහිටි සුන්දර ගම් පියසක ජීවත් වන අකිම්බෝ වනාන්තරයට සහ එහි සතුන්ට බෙහෙවින් ප්‍රිය කරන දරුවෙකි. තම පියා ප්‍රධාන වන ආරක්ෂක නිලධාරිවරයා වන බැවින් අකිම්බෝ වනාන්තර ජීවිතය පිළිබඳ අත්දැකීම් රාශියක් ලැබූ දරුවෙකු වේ තම ඥාතිවරයකු සතු සර්ප උද්‍යානයකට යන අකිම්බෝ එහිදී ලැබු අත්දැකීම් මෙම කතාවේ අන්තර්ගතය වේ.
“ඔයා නම් දරුවෝ හරිම නිර්භීතයි.” කියමින් පීටර් මහතා අකිම්බෝව පැසසුවේ එම සාර්ථක මෙහෙයුම අවසන් කර ආපසු පිටත්වීමට සූදානම් වූ අතරතුර ය. “හෙලවෙන්නෙවත් නැතිව හිටපු එක තමයි හොඳම දේ. සර්පයෙක් ඔහොම ඉන්නවා දුටු වහාම මිනිස්සු බොහොම කලබල වෙනවා. ඉතින් දුවන්න පටන් ගන්නවා. සර්පයෝ කැමැති නෑ ඒ වගේ ශබ්දවලට.”
Age Group: 13 – 99 Years
No. of Pages: 72
ISBN : 978-624-6451-431
Language: Sinhala
Reviews
There are no reviews yet.