සතියෙන් සතිය ඔහුට දැක ගැනීමට හැකි වුයේ පුස්තකාලයේ ඉදිකිරීම් කටයුතු ක්රමයෙන් ඉදිරියට යන ආකාරය යි මීට ටික කලකට පෙර තම නිවසේ දී ,මඩොල්දූව, පොතින් ඇරඹි පුස්තකාලය මේ තරම් දුරක් ගොස් ගමට වැඩදායක ස්ථාවර පුස්තකාලයක් බවට පත්වේ යැයි ඔහු කිසි විටෙක සිතුවේ නැත එහෙත් එය එසේ සිදු වී ඇත තමා එහි මුලාරම්භකයා යැයි සිතෙන විට ඔහුට ඇති වෙන්නේ බලවත් සතුටකි
වික්රමපාල අප්පුහාමි හා ඔහුගේ මිතුරු පිරිස වැනි සොඳුරු දරුවන් එහි කොතෙක් වී ද පන්සලේ නායක හාමුදුරුවන්ගේ මඟ පෙන්වීම හා නායකත්වය එම ගමේ දියුණුවට ඉවහල් වු ආකාරය කොතරම් ආදර්ශමත් දරෑ ලොකු බණ්ඩාර මහතා වැනි මානව හිතවාදී මිනිසුන් වර්තමාන සමාජයේ සිටින්නේ ද මේ ගැන සිතන ඔබට සේරැස්පුරය වැනි ගම්මානයක් සොයාගෙන ගොස් වික්රමපාල වැනි සොඳුරු දරුවන් සමඟ එක්වීමට සිතෙනවා නොඅනුමානය
“දරුවෝ ඔය වැඩේ මම කරලා හරියන්නේ නැහැ. ඔය ගොඩනැගිලි සැලසුම් අඳින්න ඉන්නවා වෙනම කට්ටියක්. ඒ අයට කියන්නේ ගෘහ නිර්මාණ ශිල්පියෝ කියලා. අපි අදින්නේ කලාත්මක චිත්ර නේ. ගොඩනැගිලි නිර්මාණ ශිල්පියෙකුට කියා අපි මේ වැඩේ කරව ගමු. මම දන්නා කෙනෙක් ඉන්නවා. මම ඒ මහත්තයට කියලා ඔය දරුවන්ගේ පුස්තකාලෙට හොද සැලසුමක් අන්දවලා දෙන්නම් කෝ.” චිත්ර කර්ම ගුරුතුමා එම වගකීම භාර ගත්තේ ය.
“සල්ලිත් දෙන්න වෙයි ද?” වික්රමපාල චිත්රකර්ම ගුරුවරයාගෙන් ප්රශ්න කළේ මඳක් පැකිලෙමිනි.
“අපි ළඟ සල්ලි නැහැනේ සර්.” ඒ පියල් ය.
“හරි හරි මම ඒ වැඩේ කරවලා දෙන්නම් කෝ. මම කිවුවම ඒ මහත්මයා සල්ලි ගන්න එකක් නැහැ.” චිත්ර කර්ම සර්ගේ පිළිතුර වික්රමපාලලා ශක්තිමත් කරවන සුළු විය.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 184
ISBN No: 978-624-5941-71-1
Author : Lakshman Koradon
Language : Sinhala
Reviews
There are no reviews yet.