ඔබ කියවිය යුතුම පොතකි.- අම්මා
පිටපත් කෝටියකට අධික සංඛ්‍යාවක් අලෙවි වු භාෂා 127 වැඩි ප්‍රමාණයකට පරිවර්තනය වු කෘතිය.
කම්කරු ජනතාවට අතිශයින් ම අවශ්‍ය පොතකි. මුලදී කම්කරුවන් විප්ලවයට සහභාගි වුණේ හැඟීමකින් හා ඉවකිනි. දැන් ඔවුන් අම්මා නවකතාව කියවා ඉමහත් ප්‍රයෝජන ලබා ගනු ඇත. අම්මා වු කලී කාලෝචිත කෘතියෙකි. (වී අයි ලෙනින්)
“මගේ පුතාට සහ අනිත් අයට එදිරිව නඩු විභාග කළේ ඇයි දැයි තමුන්නාන්සේලා දන්නේද? මම ඔබට කියන්නම් අම්මා කෙනෙකුගේ හදවත විශ්වාස කරන්න. ඇගේ පැසුණු හිසකෙස් කෙරෙහි විශ්වාසය තබන්න. තමුන්නාන්සේලා වෙත ඇත්ත ගෙනා බැවින් ඒ අයට එදිරිව නඩු විභාග පැවැත්තුවා! මම ඒ ඇත්ත ඊයේ දැනගත්තා. එවැනි ඇත්ත සමග තර්ක කිරීමට කාටවත් බැරිය, ඔව් කාටවත් බැරිය!”
“වැඩ කිරීම නිසා ලැබෙන දායාදය – ලෙඩ රෝග, කුසගින්න සහ දුගී දුප්පත් බවයි. හැම දෙයක් ම අපට එදිරිව නැගී සිටී. එදිනෙදා කටුක වැඩ නිසා අපේ ජීවිත අවසාන හුස්ම හෙළයි. හැමදාම අපව රවටනු ලැබ නින්දාවට හෙළනු ලැබෙයි. අපේ මහන්සියේ නියම පලය භුක්ති විඳින්නේ වෙනත් එවුන්ය. ඔවුහු අපේ ශ්‍රමය කා දමති. බල්ලන්ව දම්වැල්වලින් බැඳ තිබෙන්නා වගේ අපව බැඳ දමා දුගී බවේ ගිල්වා තිබේ. අපි හැමදාම බිය බිරාන්ත වී ජීවත් වෙමින් සිටිමු. අපේ ජීවිතය මහ රෑ වගේ ය.
මහ රෑ වගේ අඳුරුය.”
Age Group : 13 -99 Years
No. of Pages : 400
ISBN : 978-955-0065-68-4
Language : Sinhala
Reviews
There are no reviews yet.