“ආලත්ති අම්ම හිමි හිමින් දේවාලෙ ඉස්සරහට ගියා. වෙනද හිටිය කණ්ඩුල ඇතා නෙවෙයි හිටියෙ නාඹර ඇතෙක්. චාරිත්තරේට ඇතා ඉස්සරහ හිටගත්ත. ඇතා කන්දෙක හොලවල හොඬවැල එහෙ මෙහෙ කරල ඉව කරල පිළිමයක් වගේ උන්න ආලත්ති අම්මගෙ ඔළුව උඩින් හොඬවැල තිබ්බ. සේතං අත්ත හෙණ්ඩුව තියාගෙන ඇතාට ටිකක් එහායින් ඇණ තියාගෙන උන්නෙ. සේතං අත්තට මතක් උනා මේ චාරිත්තරේ කරේ ආලත්ති අම්මලගෙන් ළාබාලම ඇත්ති වසුන්දරා කියල. වසුන්දරා ගමෙන් ගිහිං ගෙවිච්ච අවුරුදු ගානක් මතක නැති තරමේ කාලයක්. සේතන් අත්ත මේ චාරිත්තරේ කර ඇත්ති දිහා අව්වට අතකින් මූන මුවාකරගෙන බැලුව. ඊයෙ පෙරෙයිද හොඳින් දැක්ක මූණක් නෙව කියලත් හිතුණ.”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 400
ISBN No: 978-955-33-0785-9
Author : Darshana Shammi
Language : Sinhala
Reviews
There are no reviews yet.