අහසේ සඳ නොමැති මුත් විදුලි එළි දහස් ගණනක් දැල්වෙමින් තිබිණි. සංචාරය අතරේ ලාරා තමාගේ දෑස් මානයේ හසුවන ඇම්ස්ටර්ඩෑම් නගරයේ සිරි නැරඹුවා ය.
“මේක හරි ම ලස්සන නගරයක්…”
“ඔව්. ඔයා කලින් ඇවිල්ලම නැත්ද..”
“නෑ…”
“ව්‍යාපාර වැඩකට කිවුවා නේද ආවේ…?”
“නෑ..”
ලාරා කීවේ සුසුමක් හෙළමිනි. පිලිප් ඈ දෙස බැලුවේ ප්රහේළිකාවකිනි.
“මං හිතුවේ.. ඔයා කිවුවේ…—–“
“මං මෙහෙ ආවෙ ඔයාව බලන්න..”
පිලිප්ගේ හදවතට දැනුණේ වෙනස්ම සතුටකි.
“මට හිතාගන්න බෑ..ඇත්තට ම..—-“
“තව දෙයක් තියෙනවා. ඇත්තටම ශාස්ත්‍රීය සංගීතයට කැමති කෙනෙකුත් නෙවෙයි…” පිලිප්ගේ මුව මත සිනාවක් ඇඳිණි.
“ඒක මං දන්නවා…”
“ඔයා දන්නවා…?”
Age Group : 15 – 99 Years
No. of Pages : 456
ISBN : 978-624-6451-45-5
Author : Dilahani Wickramarathne
Language : Sinhala
Reviews
There are no reviews yet.