ඔබත් අනිවාර්යෙන්ම කියවිය යුතුම කතාවකි.
යුද්ධ ටැංකි හා යුද්ධ රථවල ඝෝෂාව නිසා කම්පනය වී තිබුණු වාතය පැහැදිලිය. තුනීය. හිම මුසු නිල් පැහැති විනිවිද පෙනෙනසුලු ආලෝකය කඳුගැටය අවට පැතිර ඇත. හිරු නැඟ එනවාත් සමඟම ගැඹරු දෙණිය අසල ගින්නට හසුවූ යුද්ධ ටැංකි කිසියම් සැණකෙළියක සිරියක් ඉසිලීය. ගම්මානයේ දකුණු කොටස වඩාත් ළං විය. තේ-34 සෝවියට් යුද්ධ ටැංකි පහර දෙමින් ඉදිරියට ගිය අතර ‘සිස්’ ලොරි ඒවා පිටුපසින් යමින් පාබල හමුදාවට අයත් භට පිරිස් ගෙන ගියේය. ඊට ඈතින් ක්ෂිතිජයේ සහ අහසේ සුපැහැදිලි සුන්දර දීප්තිමත් ආලෝකයකි. නිරීක්ෂක ස්ථානයේ සිටින බෙස්සෝනොව් ඇතුළු යුද්ධ නිලධාරීන්ට අමතක වූ ලෝකයක සදාකාලික රීතින් මතක් කරවීමට එය සමත් විය.
Age Group: 13 – 99 Years
No. of Pages: 368
ISBN : 978-955-676-505-2
Language : Sinhala
Reviews
There are no reviews yet.