👉හැල් සහ රොජර් සොහොයුරන් දෙදෙනාගේ පියා සුප්‍රකට සත්ත්ව නිදර්ශක එකතු කරන්නෙකි.ස්වභාවික ඉතිහාසය ගැන ප්‍රායෝගික අධ්‍යාපනයක් සඳහා ඔවුන්ගේ පියා ඔවුන්ව සාගර ආයතනයට යොමු කරයි.ඔවුන් දෙදෙනාට වසරක කාලයක් පාසලෙන් ලැබෙන්නේ පියාගේ විශේෂ ගමනකට උදව් කිරීමටය.ආචාර්ය බ්ලේක් ඔවුනගේ වැඩ අධ්‍යක්ෂණය කිරීම සඳහා ආයතනය මඟින් යොමු කර ඇති අතර දැන් ඔවුන් සැරසෙන්නේ මුහුදු පත්ලට යෑමටයි. එහිදී ඔවුන්ට මුණගැසෙන,
👉නොසිතූ මොහොතේ හමුවන සාගර පතුලේ හමුවන අනෙක් බිහිසුණු සතුන්ගෙන් බේරීමට ඔවුන්ට හැකිවේද?
🦈 මෝරුන් ඇත්තටම භයානකද? මුහුදු පතුලේ යුද්ධය කෙබඳුවේද? සාගර පත්ලේ ඔවුන්ට අත්විදීමට සිදුවන අත්දැකීම් මොනවාද? ගිලුනු නැවෙහි අබිරහස කුමක්ද? ඔවුන්ගේ ජීවිතවලට කුමක්වේවිද?
ත්‍රාසය ,කුතුහලය පිරි සාගර පත්ලේ පියාසැරියේ අත්දැකීමක් විදින්නට කතාවයි මේ දිය යට වික්‍රමය
” දැන්, මේක දිහා මොළය පාවිච්චි කරලා බලන්න ඕනෙ. කාටද පුළුවන් දිය යට තියෙන ඒ වගේ දෙයක් හොරකම් කරගෙන යන්න, එයාට පුලුවන් ඒවා ගුහාවක් ඇතුළෙ තියන්න. ඒත් මොකක්ද ඒකෙන් එයාට ඇතිවෙන යහපත? නැවක් නැතිව එයාට ඒවා අරගෙන යන්න බැහැ. ඒ වගේම එයා ගුහාව ඇතුළෙ ඒවා තිබ්බා නම් අපිට ඒවා හම්බ වෙනවා. කොහොම වුණත් ඒවා ගුහාව ඇතුළෙ තිබුණෙ නැහැ.”
Age Group: 13 – 99 Years
No. of Pages: 208
ISBN : 978-624-6451-75-2
Language: Sinhala
Reviews
There are no reviews yet.