දයාසීලි කුඩා දරුවකු සේ ය. ලෙඩ්ඩු බලන්නට ආ විට දොස්තර මහත්තයා සමඟ දයාසීලි සමහර විට කතා කරයි. “දොස්තර මහත්තයට මම රහසක් කියනවා” සමහර වෙලාවට ඇය කියයි. “කාටවත් කියන්න එපා…” කුඩා දරුවකු සේ ඇය කියයි. “බෑ බෑ මම කියන්නෙ නෑ දොස්තර මහත්තයා කියාවි…” ඉන්පසු ඇය හඬා වැලපේ. “හරි හරි අම්මා මට හෙට ආවම කියන්නකො…” දොස්තර මහතා දයාසීලිගේ පිටට තට්ටු කර කියයි. ඇයට සිදු වී ඇති දේ ගැන වෛද්‍යවරයාට දුකක් ඇත. වෙනස් ආකාරයේ ගති පැවැතුම් දයාසීලිට ඇත. ඇය හැමෝට ම රහසක් කියන්න හදයි… ඉන් පසු නොකියා ඉඳියි. ඇය දවසක් ඉස්පිරිතාලේ ජනේලයෙන් හඳ පායා තිබෙනු දුටුවා ය.
“මම මගේ රහස හඳට කියනවා” ඇය මොන මොනවාදෝ කුටු කුටු ගාමින් සිට හඬා වැලපුණා ය.
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 176
ISBN No: 978-624-6451-20-2
Author : Darshana Shammi
Language : Sinhala
Reviews
There are no reviews yet.