“ඔයාට ඉවර කරන්න කතාවක් මං ඔයත් එක්ක පටන් ගත්තෙ නෑනෙ. බලන්න වල්ගෙ පෑගිලාද කියලා. එක එක පිරිමි ලව්වා කුණුහරුප කියවන්නයි, තර්ජනය කරවන්නයි මට පාඩුවෙ ඉන්න නොදෙන්න මං මොකක්ද ඔහේට කරපු වරද? මගෙ ඉවසීමෙ සීමාව දැන් පැනලා තියෙන්නෙ චාමරී.” සුලෝචනා, ඉවසීමෙන් එහෙත් දැඩි හඬින් කියා සිටියාය.
“ඔව්. මං තමුසෙට වද දෙනවා තමයි. තමුසෙ ඒ ජරා වැඩේ කරේ නැත්තං තමුසෙට මේ කරදර නෑ. මේ කරන බලු වැඩේට මං තමුසෙව පොලිසි ගෙනියනවා.”
“මේ මාව? ඔයා? පොලීසි ගෙනියනවා?” සුලෝචනාගේ වුවනේ ඇඳුණේ උපහාසය මුසු අපූරු සිනාවකි. ඇගේ දෑසේ කැලඹීමක සේයාවකුදු තිබුණේ නැත.
“ඔව් ගෙනියනවා තමයි. මායම් දාලා අසංකව අල්ලගෙන. තමුසෙ තව ලැජ්ජා නැතුව හිනාවෙනවද?”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 248
ISBN No: 978-955-33-0928-0
Author : Dilhani Vickramarathne
Language : Sinhala
Reviews
There are no reviews yet.