“වලාකුලින් අහස බර වූ එක් සවස් භාගයක මුළුතැන්ගෙයි ජනේලය අසලින් එහි මිහිරි සංගීතය උඩු මහලේ වූ ඇගේ කාමරයෙන් ගලා ගොස්, උද්‍යානයේ ගස් අතරින් වෙළී අඳුරු අහසට සමුදෙනු මම බලා උන්නෙමි. ඇතැම් විට ඇසට පෙනෙන ශබ්දයක් ඇති බව මා එහි ජීවත් වන තුරුම කිසිදා දැන සිටියේ නැතිමුත්, දර්ශනය කෙසේ හෝ වඩාත් හුරු පුරුදු විය.
වරක් දුර අතීතයේ කොතැනක හෝ ශබ්ද අසමින් දිගු දින ගත කළාක් මෙන් ශෝභන තනුව මා තුළ මිහිරි හැඟීමක් අවදි කළේය. දෑස් පියා අසා සිටිනා විට මට දැනුණේ මා සිටින්නේ හරිත පැහැ සයුරු පතුලක ඉන්නා විලසකිනි. ගමනක් යෑමට පිටත් වී ඈත වඩදිය බාදියක අතරමං වී මා පටන් ගත් තැනින් බොහෝ දුර ගෙවා අවසන් වීමේ පෙරනිමිත්තක් මට ඉර බැස යද්දී තිබිණි.
Age Group : 18 – 99 Years
Model : Novels
No. of Pages : 144
ISBN No: 978-624-6586-44-7
Author :Gayathri Nadeshani Thanthiriwaththa
Language : Sinhala
Reviews
There are no reviews yet.