“මම මේ හැමදෙයක්ම දැනගන කටේ කෙළ බිඳක් බිම හෙළන්නෙ නැතිව ඒ බෝධිසත්වයට අගෞරවයක් වෙන විදියට කිසිම දෙයක් සිදු නොවන විදියට වැඩකටයුතු කෙරුව දුල්කිත් බේබි, මගේ දෑස පවු කෙරුව ඒ තිරිසන් සිද්ධිය දකින්න. ආත්ම ගණනේ එන පව්කාරයො. ඒ තරුණ ජීවිතේ නැත්තටම නැති වුණා. කටේ කිරිසුවඳ නොගිය දරුව තැන්පත්කමට තමන්ගෙ පාඩුවෙ හිටිය දරුව එහෙව් දෙයකට පොලඹවගත්තෙ රාග ගින්නෙන් දැවෙන ගෑනියෙක් වෙන්න එපාය. අනික තමුන්ගෙ… ඉතිරිය කියන්නට පෙර ගලා හැළෙන කඳුළු චීත්තයෙන් පිසදාගනිමින් තමාගේ පයපාමුල වාඩි වී සිටින දුල්කිත්ගේ ඔළුව තම දුබල අතින් අතගාන්නට වූවාය. හිතෙන් විඳව විඳව අවුරුදු කීයක් හිටියද? දුල්කිත් බේබි බණිනකොට ඒ සිංහයෙක් වගේ හිටිය බෝධිසත්ව ගුණ තියන නඩුකාර හාමුදුරුවො වචනයක් නොකියා බිම බලාගන හිටිය හැටි මතක් වුණාම මට වාවගන්න බැරිවුණා. වැරදි කර එවුන් නිවැරදි වුණා… ඒ උත්තමය නොකළ වැරැද්දකට දඬුවම් වින්ද. දුල්කිත් බේබි ගෙදරින් ගියදා රෑ සිංහයෙක් වගේ හිටිය උත්තමය කන්තෝරු කාමරෙ ඉඳගන ඇඬුව. දුල්කිත් බේබිට පණ වගේ ආදරය කරා. දුල්කිත් බේබිට හරියට ආදරේ කරා…”
Age Group : 13 -99 Years
Model : Novels
No. of Pages : 176
ISBN No: 978-955-33-0994-5
Author : Darshana Shammi
Language : Sinhala
Reviews
There are no reviews yet.