කැඳ පීරිසියත් අරගෙන දුප්පත් ඉවාන් ගෙදර ගියා. අව්ව නිසා පිළුණු කැඳ උතුරා ගිහිල්ලා බිම හැළුණා. දුප්පත් ඉවාන්ට බොහොම කේන්ති ගියා.
“අනේ ඉර හාමි නුඹ හැබෑ මෝඩයෙක්! නුඹ සෙල්ලම් කරනවා….. මගේ ළමයින් බඩගින්නේ අඬනවා. නුඹේ නරක වැඩ නිසා නුඹට යස පාඩමක් උගන්වනවා!”
දුප්පත් ඉවාන් ඉර හොයාගෙන ගියා. යනවා, යනවා ඉර අල්ලාගන්ට ඔහුට බැහැ. හවස ඉර කන්දකට එහා බැහැලා ගියා. ඉවාන් එතැන දී ඉර සොයා ගත්තා.
ඉර දුප්පත් ඉවාන්ව දැකලා ඔහුට කථා කළා.
“ඉවාන්, නුඹ මා බලන්ට ආවා ද?”
ඉවාන් සිදු වූ දේ ඉරට කීවා. “මගේ ළමයින් බඩගින්නේ ඇඬුවා. මම ඔවුනට කැඳ ටිකක් ණයට ඉල්ලා ගත්තා. නුඹ ඉරු රැස් විහිදුවලා කැඳ ටික උණු කළා. කැඳ සේරම පාර දිගට හැළුණා. මම ගෙදර යන්නේ කොහොමද?”
“මා හන්දා නුඹට පාඩු සිදු වුණා. මම නුඹට පිහිට වෙන්නම්.” ඉර කීවා.
Age Group: 13 -99 Years
No. of Pages: 224
ISBN : 978-955-676-613-4
Language : Sinhala
Reviews
There are no reviews yet.