දිරියෙන් ජීවිතය ජයගැනීම සඳහා පුංචි දුලා පුතාලා සැමට.
‘පළමුවෙන් ජර්මන් බසින් ලියා ඇති හයිඩි කෘතිය වෙනත් භාෂාවන් රැසකටම පරිවර්තනය වී තිබේ.ඉතා උසස් තත්වයේ කතා තේමාවක් වන මෙය ඔබ වෙත ඉදිරිපත් කරන්නේ ඉංග්රීසි බසින් ගෙන සිංහලයට හරවා ප්රති නිර්මාණය කරමිනි.’
“පොඩි දරුවන්ගෙ හිත් මල් වගෙයි.ඔවුන් තේරුම් ගන්න බැරි වැඩිහිටියො නිසා තමයි මේ වගේ අසරණ ජීවිත විනාශවෙලා යන්නෙ.”
“උඹ දන්නවාද පීටර්…මේ ඇවිල්ලා ඉන්නේ ක්ලේරා මිස්ගෙ තාත්තයි, ආච්චි අම්මයි දෙන්නා.බොහෝම ධනවත්-බලවත් උදවිය.අපි වගේ දුප්පතුන්ගෙ උදව් උපකාර නැතුවට ක්ලේරා මිස්ව බලාගන්න එහෙ අතට-පයට වැඩට උදවිය ඉන්නවා.තේරුණාද?”
සීයා පීටර්ට සැර වුණා.ඔහුගේ කතාවට සෙසිමාන් මහතා බාධා කළා.
“මට කොච්චර මිල මුදල් තිබුණත් මෙච්චර කාලයක් තිස්සෙම හිතේ සතුටක් නැතුවයි හිටියේ. සතුට මිල මුදලට ගන්න පුළුවන් දෙයක් නෙවෙයි.” ඔහුගේ මව එම අදහසට ඌණ පූර්ණයක්ද එක් කළා.
“අනේ! ඔව්,මගේ පුතාගෙ බිරිඳ අකාලයේම මිය ගියා. ඔහුගේ එකම දුවටත් ඇවිදගන්න බැරි ආබාධයක් වැළඳුණා. ඉතින් කොච්චර සැප සම්පත් තිබුණත් කොහොමද සතුටින් ඉන්නෙ? දැන්නම් අපි කාටත් සතුටුයි.ඒ සතුට අපට ලැබුණෙ මේ රත්තරන් දුව හයිඩි නිසායි. අපිට ඒ කාරණාව මුළු ජීවිතේටම අමතක වෙන්නෙ නැහැ.”
Age Group: 13 -99 Years
No. of Pages: 208
Adaptation- Soma.T.Perera
ISBN : 978-955-676-539-7
Language : Sinhala
Reviews
There are no reviews yet.